E   |     |  

 දිනය: 2017-08-22   පිළිතුර ලබා දී ඇත 

1676/ 2017 - ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)      ශ්‍රී ලංකාවේ අධ්‍යාපන විද්‍යාපීඨවල පවත්වනු ලබන පාඨමාලා සංඛ්‍යාව සහ ඒවායේ නම්, එක් එක් මාධ්‍යය අනුව කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)        (i)      මඩකලපුව අධ්‍යාපන විද්‍යාපීඨයේ පවත්වනු ලබන පාඨමාලාවල නම් කවරේද;

      (ii) එක් එක් පාඨමාලාව තුළ පුහුණුව ලබන අභ්‍යාසලාභීන් සංඛ්‍යාව කවරේද;

      (iii) මඩකලපුව අධ්‍යාපන විද්‍යාපීඨය තුළ පැවැත්විය හැකි අනිකුත් දෙමළ මාධ්‍ය පාඨමාලා එම විද්‍යාපීඨය තුළ නොපැවැත්වීමට හේතුව කවරේද;

      (iv) මඩකලපුව අධ්‍යාපන විද්‍යාපීඨයෙහි පැවැත්වීමට ශක්‍යතාවක් ඇති අනිකුත් දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට පියවර ගන්නේද;

      (v) එවැනි පාඨමාලා ආරම්භ කිරීම සඳහා සුදුසු දේශකවරුන් නොමැත්තේද;

      (vi) එසේ නම්, එවැනි කාණ්ඩයේ අවශ්‍ය දේශකවරුන් පත්කිරීමට පියවර ගනු ලබන්නේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-08-22

අසන ලද්දේ

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මඩකළපුව අධ්‍යාපන විද්‍යාපීඨය: පාඨමාලා

පිළිතුරු දුන් දිනය

2017-08-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වී.එස්. රාධක්‍රිෂ්ණන්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks