E   |     |  

 දිනය: 2017-06-23   පිළිතුර ලබා දී ඇත 

1677/ 2017 - ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1677/’17

      ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනේ බටහිර සහ කල්කුඩා අධ්‍යාපන කලාපවල තිබෙන පාසල්වල නම්, ගුරු වර්ගය අනුව එක් එක් පාසලේ සිටිය යුතු ගුරුවරු සංඛ්‍යාව සහ දැනට සිටින ගුරුවරු සංඛ්‍යාව කවරේද;

      (ii) මෙම දිළිඳු ග්‍රාමීය සිසුන්ට නිදහස් අධ්‍යාපනය සඳහා පවතින සමාන අයිතිවාසිකම් සහතික කිරීම පිණිස පවත්නා පුරප්පාඩු පිරවීමට යාබද අධ්‍යාපන කලාපවල අතිරික්ත ගුරුවරුන් මාරු කරන ලෙස නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාට උපදෙස් ලබා දෙන්නේද;

      (iii) එසේ නම්, ඒ කවදාද; 

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-06-23

අසන ලද්දේ

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසල් : සිටිය යුතු සහ දැනට සිටින ගුරුවරු සංඛ්‍යාව

පිළිතුරු දුන් දිනය

2017-09-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks