පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මඩකලපුව - වාලච්චේන මාර්ගයට සමාන්තරව මුහුදු වෙරළ දිගේ මඩකලපුව බාර් ප්‍රදීපාගාර මංසන්ධියේ සිට කල්කුඩා දක්වා, එරාවුර් පිටවීම තෙක් අර්ධ වශයෙන් ඉදි කරන ලද මාර්ගයක් පවතින බවත්;
(ii) මෙම මාර්ගය මඩකලපුව - වාලච්චේන මාර්ගයේ රථවාහන තදබදය අඩු කරන අතර මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ තවත් ආයතන කිහිපයක් මෙම මාර්ගයට ආසන්නයේ ඉදි වෙමින් පවතින බැවින් ජනතාවට පහසුවක් වන බවත්;
(iii) මුහුදු වෙරළ ඔස්සේ මෙම මාර්ගයෙන් පාසිකුඩා බොක්ක දක්වා ගමන් කිරීම දේශීය සහ විදේශීය සංචාරකයන්ට පහසුවක් බවත්;
(iv) ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල යෙදෙන ධීවරයන්ට මෙය පහසුවක් වන බවත්;
(v) යළි පදිංචි කළ ගම්මානයක් වන තිරෙයිමඩුහි පදිංචිකරුවන්ට ඉන් ප්‍රතිලාභ අත්වන බවත්;
(vi) මෙම මාර්ගය දෙපස සංචාරක හෝටල් සහ වෙනත් ආයතන ඉදිකිරීමට ආයෝජකයන්ව දිරි ගන්වනු ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ඉහත සඳහන් කරන ලද කරුණු සහ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස උපදෙස් දෙන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-20
අසන ලද්දේ
ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
මඩකළපුව-එරාවුර් නව මාර්ගයේ ඉදිකිරීම්: කඩිනම් කිරීම
පිළිතුරු දුන් දිනය
2017-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks