E   |     |  

 දිනය: 2017-08-24   පිළිතුර ලබා දී ඇත 

1683/ 2017 - ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1683/’17

      ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       1987 වර්ෂයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ, මුනන්කුඩිච්චි ග්‍රාමසේවා වසමේ එරාවුර්, පුන්නකුඩා ධීවර ගම්මානයේ පදිංචිව සිටි ඩබ්ලිව්. හැරිසන් ප්‍රනාන්දු මහතා ඇතුළු ගම්වාසීන්ට කොටි ත්‍රස්තවාදීන් විසින් අමානුෂික ප්‍රහාරයක් එල්ලකර ජීවිත ගණනාවක් විනාශ කළ බවත්;

        (ii)  එම සිදුවීමෙන් ඒ මහතාගේ ව්‍යාපාරික ස්ථානය, යානවාහන සහ ඔහු සතු සියල්ල අහිමිවූ බවත්;

        (iii)  තැනැත්තන්, දේපල සහ කර්මාන්ත පුනරුත්ථාපන කිරීමේ අධිකාරිය මඟින් 1996.03.14 දිනැති ලිපියෙන් අදාළ කරුණ සනාථ කර ඇතත්, මෙතෙක් ඔහු ඇතුළු එම පවුලේ අයට සිදුවූ හානිය පිළිබඳව කවර හෝ සහනයක් සැලසී නොමැති බවත්;

        එතුමා දන්නෙහිද?

      (ආ)  (i)  මොනරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය, වරුණගම නමැති ගම්මානයේ දැනට පදිංචිව සිටින හැරිසන් ප්‍රනාන්දු මහතාට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි මුදලක් ගෙවීමට කටයුතු කරන්නේද;

        (ii)  එසේ නම්, වන්දි මුදල ගෙවනු ලබන දිනය කවරේද;

        යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-08-24

අසන ලද්දේ

ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

1987දී ඩබ්ලිව්. හැරිසන් ප්‍රනාන්දු මහතාට සිදු වූ දේපොළ හානිය: වන්දි

පිළිතුරු දුන් දිනය

2017-08-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩී.එම්. ස්වාමිනාදන්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks