E   |     |  

 දිනය: 2017-09-06   පිළිතුර ලබා දී ඇත 

1685/ 2017 - ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)          (i)      අම්පාර දිස්ත්‍රික්කයේ, ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටුවන ලද දිනය කවරේද;

                   (ii)      ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ පිටපතක් සභාගත කරන්නේද;

                 (iii)      එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මඟින් ආවරණය වන සම්පූර්ණ භූමි ප්‍රමාණය කොපමණද;

      (iv) එහි ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව කොපමණද;

      (v) එම ග්‍රාම නිලධාරි වසම්වල අංකයන් හා නාමයන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටුවීමේදී නිල වශයෙන් සීමා නිර්ණය කිරීමක් සිදුවී තිබේද;

      (ii) එසේ නම්, ඒ පිළිබඳව විස්තර කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) එකී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම නිලධාරි වසම් අතරින් කිසියම් වසමක/වසම්වල පරිපාලන කටයුතු හෝ මෙහෙයවීම් වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදු කරනු ලබන්නේද;

        (ii) එසේ නම්, එම ග්‍රාම නිලධාරි වසම්වල නම්,  අංකයන් ඇතුළු විස්තර ඉදිරිපත් කරන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?‍

       

අසන ලද දිනය

2017-09-06

අසන ලද්දේ

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය: විස්තර

පිළිතුරු දුන් දිනය

2017-09-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks