පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1689/’17
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2014 වර්ෂයේදී මතුගම, වෝගන් වත්තේ, පහළ කොටසේ සිදුවූ නායයෑමෙන් පසුව පවුල් 14ක් දැඩි අවදානම් තත්ත්වයක් මත තවමත් එහි පදිංචිව සිටින බවත්;
(ii) එම ස්ථානයෙන් එම ජනතාවගේ වාසස්ථාන ඉවත් කළ යුතුයැයි 2014 ජුනි මාසයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් වතු කළමණාකාරිත්වයට උපදෙස් දී ඇති බවත්;
(iii) විකල්ප ස්ථාන වෙන්කිරීම පිළිබඳව වතු කළමනාකාරිත්වය හා මෙම ජනතාව අතර ඇති වී තිබෙන ගැටුම හේතුවෙන් විකල්ප ඉඩම් ලබාදීම ප්‍රමාද වී ඇති බවත්;
(iv) මේ හා සමානව නායයෑමේ අවදානමක් පවතින අගලවත්ත, ඩෙල්කිත් වත්තේ, ඉලුප්පුවත්ත කොටස තුළත් පවුල් 21ක් පසුගිය වර්ෂ 2 ක පමණ කාලයක සිට ජීවත්වන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් කළ පරිදි පීඩාවට පත්වී, ජීවිත අවදානමකට මුහුණදී සිටින ජනතාව සඳහා යම් නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට පියවර ගන්නේද;
(ii) එසේ නම්, එහි වර්තමාන ප්‍රගතිය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-24
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
නාය යෑමේ අවදානමට මුහුණදී සිටින පවුල්: නිවාස යෝජනා ක්‍රමයක්
පිළිතුරු දුන් දිනය
2017-08-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පලනි දිගම්බරම්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks