E   |     |  

 දිනය: 2017-08-24   පිළිතුර ලබා දී ඇත 

1696/ 2017 - ගරු බිමල් රත්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1696/’17

      ගරු බිමල් රත්නායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)       මහනුවර දිස්ත්‍රික්කයේ, උලපනේ ප්‍රදේශයේ පිහිටි රෝහණ විජේවීර මහතා භාවිතා කළ ඉඩම හා නිවස මේ වනවිට රජය විසින් යම් කටයුත්තක් සඳහා යොදා ගන්නේද;

        (ii)  එසේ නම්, එම ඉඩම හා නිවස රජයේ කටයුත්තකට පවරා ගෙන ඇත්තේ ඔහුගේ පවුලට හෝ වෙනත් ආයතනයකට වන්දි මුදලක් ගෙවීමකින් පසුවද;

        (iii)  එසේ නම්, ගෙවූ වන්දි මුදල හා දිනය කවරේද;

        (iv)  නොඑසේ නම්, එම ඉඩම හා නිවස රජය විසින් පවරාගත් පදනම හා මේ වනවිට භුක්ති විඳින පදනම කවරේද;

        යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-08-24

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රෝහණ විජේවීර මහතා භාවිත කළ ඉඩම හා නිවස: පවරාගත් පදනම

පිළිතුරු දුන් දිනය

2017-08-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු හර්ෂ ද සිල්වා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks