E   |     |  

 දිනය: 2017-10-03   පිළිතුර ලබා දී ඇත 

1725/ 2017 - ගරු කනක හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1725/’17

      ගරු කනක හේරත් මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      වර්ෂ 2013 සිට 2016 දක්වා,

                   (i)       මෙරටට ආනයනය කරන ලද තිරිඟු පිටි ප්‍රමාණය;

                  (ii)       ඒ සඳහා ගෙවන ලද මුදල් ප්‍රමාණය;

                 (iii)       ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල තිරිඟු පිටි පරිභෝජනය;

                 එක් එක් වර්ෂය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට    දන්වන්නෙහිද?

      (ආ) (i) 2013 සහ 2014 වර්ෂවලදී මෙරටට පිටි ආනයනය කිරීම අඩු කිරීම සඳහා පියවර ගත් බව දන්නේද;

      (ii) මේ වනවිට තිරිඟු පිටි ආනයනය සීමා කිරීමට රජය විසින් පියවර ගෙන තිබේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-10-03

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

තිරිඟු පිටි ආනයනය: සීමා කිරීම

පිළිතුරු දුන් දිනය

2017-10-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රිසාඩ් බදියුදීන්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks