පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1732/’17
ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උතුරු හා නැගෙනහිර පළාත් තුළ පිහිටි එක් එක් අධ්‍යාපන කලාපයට අයත් මුස්ලිම් පාසල් සංඛ්‍යාව කවරේද;
(ii) ඉස්ලාම්, ඉස්ලාම් අධ්‍යයනය සහ අරාබි ඉගැන්වීම් කටයුතු අධීක්ෂණය සිදු කරන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ (ඉස්ලාම්) නම් කවරේද;
(iii) සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් (ඉස්ලාම්) නොමැති අධ්‍යාපන කලාපවල නම් කවරේද;
(iv) මෙම කලාපවල ඉහත කී විෂයයන් ඉගැන්වීම අධීක්ෂණය කිරීමේ කාර්යය පවරනු ලැබ ඇති අධීක්ෂකවරුන් කවුරුන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (විශේෂ කාණ්ඩය - ඉස්ලාම්) සඳහා පුරප්පාඩු දෙකක් පමණක් ගැසට් නිවේදනය තුළ පළ කරන ලද බවත්;
(ii) විෂයමාලාව තුළ ආගමික අධ්‍යාපනය අනිවාර්ය බවත්;
(iii) ඉස්ලාම් ඉගැන්වීම් කටයුතු අධීක්ෂණය නොකිරීම, මුස්ලිම් ශිෂ්‍යයන්ගේ ආගමික අධ්‍යාපනය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරන බවත්;
එතුමා දන්නෙහිද?
(ඇ) (i) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයෙහි (විශේෂ කාණ්ඩය - ඉස්ලාම්) සේවක සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගනු ලබන්නේද;
(ii) නොඑසේ නම්, වැඩබලන පදනම මත සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් (ඉස්ලාම්) පත් කිරීමට පියවර ගනු ලබන්නේද;
(iii) එසේ නම්, එය සිදු කරනු ලබන දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-23
අසන ලද්දේ
ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks