පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1752/’17
ගරු ලකී ජයවර්ධන මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය මැදිරි පෞද්ගලික ආයතනවලට ලබා දී තිබේද;
(ii) එසේ නම්, දුම්රිය මැදිරි ලබා දී ඇති කාලය, පදනම, ලබා දී ඇති ආයතන, සළකා බැලූ නිර්ණායක, එම මැදිරි සම්බන්ධ කළ දුම්රිය සහ මැදිරි සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) කොන්දේසි ප්‍රකාරව, දුම්රිය මැදිරි පවරා ඇති ආයතනවලින් දුම්රිය දෙපාර්තමේන්තුවට අයවිය යුතු සියලු මුදල් මේ වනවිට ලබාගෙන තිබේද;
(ii) හිඟ මුදල් අයවිය යුතු ආයතන කවරේද;
(iii) එක් එක් ආයතනයෙන් අයවිය යුතු හිඟ මුදල් වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) දුම්රිය මැදිරි ලබාදීමෙන් මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවට අලාභයක් සිදුවී තිබේද;
(ii) එසේ නම්, මුළු අලාභය කොපමණද;
(iii) එම අලාභය දුම්රිය දෙපාර්තමේන්තුවට කඩිනමින් අයකර ගැනීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-10-06
අසන ලද්දේ
ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks