E   |     |  

 දිනය: 2017-10-20   පිළිතුර ලබා දී ඇත 

1756/ 2017 - ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1756/’17

      ගරු ලකී ජයවර්ධන මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       වර්තමානයේදී වල් ඌරන්ගෙන් මිනිස් ජීවිතවලට හානි සිදුවෙමින් පවතින බවත්;

                   (ii)       මේ වනවිට වන අලියා, කිඹුලා, වලහා, දිවියා හා කුළු හරකා යන සතුන්ගෙන් සිදුවන ජීවිත හානියකදී ස්ත්‍රී, පුරුෂ සමාජභාවය සහ වයස් භේදයකින් තොරව රු.200,000/-ක වන්දි මුදලක් ලබාදීමට කටයුතු සලසා ඇති බවත්;

      (iii) නමුත්, වල් ඌරාගෙන් සිදුවන ජීවිත හානියකදී එවන් වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් නොමැති බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ආ) (i) එවන් හානිවලට ලක් වූ ඉතා අසරණ තත්ත්වයෙන් පසුවන අය වෙනුවෙන් වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව පිළිගන්නේද;

      (ii) එසේ නම්,  ඒ සඳහා කඩිනමින් වන්දි ක්‍රම‍යක් ක්‍රියාත්මක කරන්නේද;

      (iii) එසේ නම්, එම දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-10-20

අසන ලද්දේ

ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

තිරසර සංවර්ධන හා වනජීවි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වල් ඌරන් පහර දීමෙන් සිදු වූ ජීවිත හානි: වන්දි

පිළිතුරු දුන් දිනය

2017-10-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks