පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1805/’17
ගරු වාසුදේව නානායක්කාර මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය එන්ජින්වලින් දැනට භාවිතයට ගතහැකි එන්ජින් සංඛ්‍යාව කොපමණද;
(ii) එම එන්ජින් වර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) දැනට ලෝකයේ බොහෝ රටවල M2 හා M4 වර්ගයේ එන්ජින් දිගුකාලයක් තිස්සේ ධාවනය වන බවත්;
(ii) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් එම වර්ගයේ එන්ජින් 27ක් භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගනිමින් ඇති බවත්;
(iii) එම එන්ජින්වල අමතර කොටස් ගෙන්වීම නැවැත්වීම සඳහා රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) (i) තව වසර ගණනාවක් සේවයේ යෙදවිය හැකි මෙම දුම්රිය එන්ජින් ගර්හිත කර විනාශ කිරීමේ අරමුණ කවරේද;
(ii) මෙයට පෙර දුම්රිය කාර්ය මණ්ඩලයේ විරෝධය නොතකා, ප්‍රංශයෙන් ගෙන්වන ලද M9 වර්ගයේ දුම්රිය එන්ජින් 09න් මේ වනවිට භාවිතයට ගත හැක්කේ එන්ජින් 03ක් බව දන්නේද;
(iii) එබැවින් මෙම M2 හා M4 වර්ගයේ එන්ජින් භාවිතයෙන් ඉවත් කිරීම නැවැත්වීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-11-16
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks