E   |     |  

 දිනය: 2017-10-06   පිළිතුර ලබා දී ඇත 

1811/ 2017 - ගරු කනක හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1811/’17

      ගරු කනක හේරත් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)           (i)       ශ්‍රී ලංකාවේ දෙමළ මාධ්‍යයෙන් ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යයන් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       දෙමළ මාධ්‍ය පාසල්වල උගන්වනු ලබන ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;

                  (iii)       මේ වනවිට පාසල්වල පවතින දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) දෙමළ මාධ්‍යයෙන් අ.පො.ස. (උසස් පෙළ) සමත් පුද්ගලයන්ට පුහුණුවක් ලබා දී දෙමළ මාධ්‍ය ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට ක්‍රියා නොකරන්නේ මන්ද;

      (ii) දැනට ශ්‍රී ලංකාවේ පවතින දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා විදෙස් රටවල්වලින් ගුරුවරුන් ගෙන්වීමට සැලසුම්කර තිබේද;

      (iii) එසේ නම්, එමඟින් දෙමළ මාධ්‍යයෙන් උසස් අධ්‍යාපනය ලැබූ පුරවැසියන්ට අසාධාරණයක් සිදුවන බව පිළිගන්නේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-10-06

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks