E   |     |  

 දිනය: 2017-10-03   පිළිතුර ලබා දී ඇත 

1815/ 2017 - ගරු බිමල් රත්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1815/’17

      ගරු බිමල් රත්නායක මහතා,— බුද්ධශාසන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       බුද්ධශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් විහාරස්ථානවලට මුදල් ලබාදීමේ ක්‍රියාවලියක් පවතින බවත්;

                  (ii)       එසේ මුදල් ලබාදීමේදී තෝරාගත් විහාරස්ථානවලට පමණක් මුදල් ලබාදෙන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) මෙලෙස විහාරස්ථානවලට මුදල් ලබාදීමේ ක්‍රියාවලියක් පවතින්නේද;

      (ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-10-03

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

බුද්ධ ශාසන අමාත්‍යාංශය මඟින් විහාරස්ථානවලට මුදල් ලබා දීම: විස්තර

පිළිතුරු දුන් දිනය

2017-10-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks