පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1861/’17
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මහානගර සැලසුම (Megapolis Plan) යටතේ 2017 වර්ෂයේ සිට ඉදිරි වර්ෂ 03 ක් දක්වා පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා සැලසුම් කර ඇති සංවර්ධන වැඩසටහන් කවරේද;
(ii) දැනටමත් යම් වැඩසටහන් ආරම්භ කර ඇත්නම්, ඒවා කවරේද;
(iii) ආරම්භ කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් නිශ්චිත වශයෙන් පටන් ගන්නා දින වකවානු කවරේද;
(iv) මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන සිදු කරන්නේද;
(v) එසේ නම්, ඒවා වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) දැනටමත් ආරම්භ කර ඇති හෝ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;
(ii) දැනට වැය කර ඇති මුදල කොපමණද;
(iii) මේ සඳහා ණය මුදල් ලබා ගන්නේද;
(iv) එසේ නම්, ණය ලබා ගන්නා ආයතන සහ ණය ප්‍රමාණය කොපමණද;
(v) නොඑසේ නම්, රජය විසින් වෙන් කර ඇති මුදල කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-11-17
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks