E   |     |  

 දිනය: 2017-10-20   පිළිතුර ලබා දී ඇත 

1871/ 2017 - ගරු බිමල් රත්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1871/’17

      ගරු බිමල් රත්නායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2015.01.08 දින සිට 2017.04.30 දින දක්වා අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කර ඇති විදේශ සංචාර සංඛ්‍යාව කොපමණද;

                   (ii)       සංචාරය කරන ලද රටවල් කවරේද;

                  (iii)       එක් එක් සංචාරය සඳහා දරන ලද වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) අග්‍රාමාත්‍යවරයා සමඟ එක් එක් සංචාරය සඳහා සහභාගි වූ අමාත්‍යවරයන්, මන්ත්‍රීවරයන් සහ නිලධාරින් ඇතුළුව සමස්ත සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන්  කොපමණද;

      (v) අග්‍රාමාත්‍යවරයා සමඟ විදේශ සංචාරවලට සහභාගී වූ සෙසු පුද්ගලයන්ගේ තනතුරු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-10-20

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කර ඇති විදේශ සංචාර : විස්තර

පිළිතුරු දුන් දිනය

2017-10-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිරෝෂන් පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks