E   |     |  

 දිනය: 2017-11-10   පිළිතුර ලබා දී ඇත 

1955/ 2017 - ගරු කනක හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1955/’17

      ගරු කනක හේරත් මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)           (i)       2017 අයවැයෙන් ග්‍රාම නිලධාරින්ගේ රාජකාරි කටයුතු පහසු කිරීම සඳහා ලබාදීමට පොරොන්දු වූ පරිගණක යන්ත්‍ර ලබාදීම ක්‍රියාත්මක වන්නේද;

                   (ii)       මේ වනවිට ග්‍රාම නිලධාරින්ට පරිගණක යන්ත්‍ර ලබා දී ඇති දිස්ත්‍රික්ක සහ ලබා දී ඇති පරිගණක සංඛ්‍යාව කවරේද;

      (iii) මේ වනවිට  ග්‍රාම නිලධාරින්ට පරිගණක යන්ත්‍ර ලබා දී නොමැති දිස්ත්‍රික්ක සහ ලබා දීමට ඇති පරිගණක සංඛ්‍යාව කවරේද;

      (iv) ඉහත (iii) හි සඳහන් පරිගණක ලබා දෙනු ලබන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ග්‍රාම නිලධාරින්ගේ කාර්යාල පවත්වාගෙන යනු ලබන ගොඩනැගිලි සඳහා කුලී වශයෙන් රජය මඟින් ගෙවනු ලබන දීමනාව ග්‍රාමීය  සහ නාගරික ප්‍රදේශ අනුව ‍වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) ගෙවනු ලබන මෙම දීමනාව කාලීන වශයෙන් ප්‍රමාණවත් වන්නේද;

      (iii) ප්‍රමාණවත් නොවේ නම්, මෙම දීමනාව වැඩි කිරීමට පියවර ගන්නේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-11-10

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ග්‍රාම නිලධාරින්ට පරිගණක යන්ත්‍ර සහ කාර්යාල කුලී දීමනා: විස්තර

පිළිතුරු දුන් දිනය

2017-11-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks