E   |     |  

 දිනය: 2017-10-19   පිළිතුර ලබා දී ඇත 

1962/ 2017 - ගරු මොහොමඩ් නවවි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1962/’17

      ගරු මොහොමඩ් නවවි මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      2013 වර්ෂයේ සිට මේ වනතෙක් විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ, දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලැබුණු මුළු ප්‍රතිපාදන ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) එම ප්‍රතිපාදන ලැබුනු ආකාරය කවරේද;

      (iii) එම ප්‍රතිපාදන යොදා ගනිමින් මේ වනවිට නිම කර ඇති හා සිදු කෙරෙමින් පවතින වැඩසටහන්/ව්‍යාපෘති තිබේද;

      (iv) මෙම කාලසීමාව තුළ කිසියම් ආයතන හෝ සංවිධාන සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම් සිදු කර ඇත්නම්, එකී මුදල හා ප්‍රතිලාභී ආයතනයේ හෝ සංවිධානයේ නම් හා ලිපිනයන් එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (v) උක්ත කාලසීමාව තුළ අවිච්ඡේද වූ මුදලක් ඇත්නම්, එම මුදල් ප්‍රමාණයත්, එසේ වූ ආකාරයත් ඉදිරිපත් කරන්නේද;

       යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-10-19

අසන ලද්දේ

ගරු මොහොමඩ් නවවි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks