පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1988/’17
ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විවිධ දිස්ත්‍රික්කවල සිසුන් අඩු කඩඉම් ලකුණු සහිත දිස්ත්‍රික්කවල පාසල්වලට ඇතුළු වී වෙනත් දිස්ත්‍රික්කවල පිහිටා ඇති උසස් ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපන ආයතනවලින් අධ්‍යාපනය හදාරා අ.පො.ස. (උසස් පෙළ) විභාගයට ඉදිරිපත් වී එම දිස්ත්‍රික්කවලට අනුමත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වූ පංගුවට (Quota) ඇතුළු වන බවත්;
(ii) ඉහත (i)හි සඳහන් කාරණය හේතුවෙන් අඩු කඩඉම් ලකුණු සහිත දිස්ත්‍රික්කවල ජීවත් වී එහිම අධ්‍යාපනය හදාරන සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වූ පංගුවෙන් ප්‍රවේශය සඳහා වන අවස්ථාව අහිමි වී ඔවුන් මානසික පීඩාවකට ලක්වන බවත්;
(iii) විශ්වවිද්‍යාල ප්රවේශයේදී දිස්ත්‍රික්ක මට්ටමෙන් සිසුන් ශ්‍රේණිගත කිරීමේ පදනමින් සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුලත් කර ගැනීමෙන් අනතුරුව, මෙම අනුපිළිවෙළෙහි වෙනසක් ඇති කිරීම පිළිබඳවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, මෙලෙස කඩඉම් ලකුණු අඩු දිස්ත්‍රික්කවල අධ්‍යාපනය හදාරන සිසුන්ගේ මානසික තත්ත්වය සැලකිල්ලට ගෙන, වෙනත් දිස්ත්‍රික්කවල සිසුන්ගේ පැමිණීම නැවැත්වීමටත්, මෙලෙස සිසුන් ඇතුළත් කරගන්නා පාසල්වලට එරෙහිව කටයුතු කිරීමටත් පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-11-10
අසන ලද්දේ
ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
විශ්වවිද්‍යාල ප්‍රවේශය : දිස්ත්‍රික් ක්වෝටා ක්රමයේ ගැටලු
පිළිතුරු දුන් දිනය
2017-11-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks