E   |     |  

 දිනය: 2017-11-28   පිළිතුර ලබා දී ඇත 

1993/ 2017 - ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1993/’17

      ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      2015 වර්ෂයේදී ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් මන්නාරම දිස්ත්‍රික්කයේ, පුදුකුඩියිරුප්පු, උප්පුක්කුලම් - අල්පතා, කරිසල්, තලෛයිමන්නාරම හා කාට්ටාස්පත්තිරි යන ක්‍රීඩාංගණ සඳහා රුපියල් මිලියනය බැගින් මුදල් වෙන්කර තිබේද;

        (ii) 2016 වර්ෂයේදී ක්‍රීඩාංගණ සඳහා මුදල් වෙන්කිරීමේදී මන්නාරම අල් අසාර් මහා විද්‍යාල ක්‍රීඩාංගණයට රුපියල් මිලියන දෙකක්, මන්නාරම එරුක්කලම්පිටි මහා විද්‍යාල ක්‍රීඩාංගණයට රුපියල් මිලියන තුනක්, කාට්ටාස්පත්තිරි ක්‍රීඩාංගණයට රුපියල් මිලියනයක් වශයෙන් වෙන් කර තිබේද;

      (iii) 2017 වර්ෂයේදී ක්‍රීඩාංගණ සඳහා මුදල් වෙන්කිරීමේදී, මන්නාරම එරුක්කලම්පිටි පාසැලේ ක්‍රීඩාංගණය සඳහා රුපියල් මිලියන 05ක් වෙන් කිරීමේ පදනම කවරේද;

      (iv) මෙම මුදල් වෙන්කිරීම් එක්තරා ජන වර්ගයකට පමණක් වාසිදායක වන ආකාරයෙන් සිදු කර ඇති බව පිළිගන්නේද;

      (v) එසේ නම්, අනාගතයේදී මෙසේ පක්‍ෂග්‍රාහීව සිදු කරනු ලබන මුදල් වෙන්කිරීම් නවත්වා සැමට සමානව මුදල් වෙන් කිරීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) ‍නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-11-28

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks