පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2072/’17
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උතුරු පළාතේ ජනතාව නැවත පදිංචි කරන ලද ප්‍රදේශයන්හි පිහිටි නිවාස සඳහා පසුගිය කාලයේදී “උතුරු වසන්තය” වැඩසටහන යටතේ නොමිලේ විදුලිබල සම්බන්ධතාවන් ලබාදෙන ලද බවත්;
(ii) ඉන් පසුව මාසිකව විදුලි ගාස්තු අය කර ඇති බවත්;
(iii) ඒ අනුව, කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කරන ලද ප්රදේශයන්හිද විදුලි ගාස්තු මාසිකව අය කර ඇති බවත්;
(iv) එසේ වුවද, පසුගිය මාස 6ක කාලසීමාව තුළ කිළිනොච්චිය දිස්ත්‍රික්කයෙහි මෙම ගාස්තු අයකර නොමැති බවත්;
(v) මාසිකව විදුලි ගාස්තු අය නොකර එකවර මාස කිහිපයක් සඳහා ගාස්තු අය කිරීමෙන්, විශාල මුදලක් එකවර ගෙවීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති එම ජනතාව පීඩාවට පත් වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) විදුලි ගාස්තු මාසිකව අයකර නොගැනීමට හේතුව කිළිනොච්චිය විදුලිබල මණ්ඩල කාර්යාලයෙහි සේවක පුරප්පාඩු පැවතීමද;
(ii) එසේ නම්, එම පුරප්පාඩු පිරවීම සඳහා පියවර ගන්නේද;
(iii) හිඟ මුදල් වාරික පදනමින් අය කර ගැනීමට පියවර ගන්නේද;
(iv) ඉදිරියේදී, මාසික පදනමින් අඛණ්ඩව විදුලි ගාස්තු අය කිරීම සඳහා පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-03-22
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks