පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2115/’17
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ, කණ්ඩාමලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කල්ලාරු ගම්මානයේ සුනාමි ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා වූ නිවාස යෝජනා ක්‍රමය යටතේ ස්ථිර නිවාස 143ක් ද, නැවත පදිංචි කරන ලද ජනතාව වෙනුවෙන් විවිධ නිවාස යෝජනා ක්‍රම යටතේ ලද නිවාස 100ක් ද වශයෙන් නිවාස 243 ක් ඉදිකර ඇති බවත්;
(ii) උක්ත නිවාස 243න් මේ වනවිට නිවාස 186ක පමණක් ජනතාව පදිංචි වී ඇති අතර ඉතිරි නිවාස 57හි කිසිවකු පදිංචි වී නොමැති වීමෙන් ඒවා හිස්ව පවතින බවත්;
(iii) පානීය ජලය, නිසි ප්‍රවාහන සේවාවන් සැපයීම හා මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සිදු නොවීමෙන් ඉහත ගම්මානයෙහි දැනට පදිංචි වී සිටින ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම ගම්මානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පියවර ගන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
(iii) දැනට හිස්ව පවතින නිවාස, නිවාස නොමැති පවුල් සඳහා ලබාදීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-04-03
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks