E   |     |  

 දිනය: 2017-11-16   පිළිතුර ලබා දී ඇත 

2121/ 2017 - ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2121/’17

      ගරු ජයන්ත සමරවීර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)       2015.01.09 දිනට සහ 2017.06.30 දිනට,

                     (i)      යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර තිබූ ශ්‍රී ලංකා යුද හමුදා කඳවුරු සංඛ්‍යාව;

                  (ii)      එම කඳවුරුවලට අනුයුක්තව සේවය කළ මුළු නිලධාරින් සංඛ්‍යාව හා සෙබළුන් සංඛ්‍යාව;

      (iii) එක් එක් කඳවුරෙහි නම, පිහිටා තිබූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ අනුයුක්තව සිටි නිලධාරින් සහ සෙබළුන් සංඛ්‍යාව;

      වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) 2015.01.09 දින සිට 2017.06.30 දින දක්වා යාපනය දිස්ත්‍රික්ක‍යෙන්,

      (i) ඉවත් කර ඇති යුද හමුදා කඳවුරු සංඛ්‍යාව;

      (ii) යුද හමුදා කඳවුරුවලින් ඉවත් කර ඇති නිලධාරින් හා සෙබළුන් සංඛ්‍යාව;

      කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) යාපනය දිස්ත්‍රික්කයෙන් යුද හමුදා කඳවුරු, ඒවායේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙබළුන් ඉවත් කිරීම ජාතික ආරක්ෂාව කෙරෙහි සෘණාත්මකව බලපෑ හැකි බව පිළිගන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2017-11-16

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks