පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2168/’17
ගරු ශෙහාන් සේමසිංහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 43 ප්‍රබෝධාගම ග්‍රාම නිලධාරී වසමේ, නාවක්කුලම ගම්මානයේ ගල් ඇඹරුම්හලක් ආරම්භ කිරීමට අවසර ලබා දී තිබේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) එසේ නම්,
(i) ගල් ඇඹරුම්හලේ බලපත්‍ර අංකය හා එය නිකුත් කළ දිනය;
(ii) අයදුම් කළ පුද්ගලයාගේ නම සහ අයදුම් කළ දිනය;
(iii) එම බලපත්‍රය නිකුත් කිරීමට පරිසර වාර්තාවක් ලබාගෙන තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මෙම ගල් ඇඹරුම්හල ආරම්භ කිරීමට පෙර ජනතා අදහස් විමසිල්ලට ලක් කර තිබේද;
(ii) එකී ඇඹරුම්හල සම්බන්ධයෙන් ජනතා විරෝධය පැන නැඟී ඇති බව දන්නේද;
(iii) මෙම ඇඹරුම්හල ආරම්භ කිරීමෙන් ප්‍රදේශයේ ජනතාවට සිදුවිය හැකි සෞඛ්‍ය හා පාරිසරික ගැටලු විසඳීමට කටයුතු කරන්නේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-11-30
අසන ලද්දේ
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks