E   |     |  

 දිනය: 2018-04-03   පිළිතුර ලබා දී ඇත 

2184/ 2018 - ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2184/’17

      ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      2017 වර්ෂයේදී මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන්;

                    (i)      මියගිය සංඛ්‍යාව;    

                  (ii)      ආබාධිත වූ සංඛ්‍යාව;

                 (iii)      විපතට පත්වූවන්ට රජය විසින් ගෙවූ මුළු වන්දි මුදල;

                  (iv)      මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් ගෙවූ වන්දි මුදල;

      (v) හානියට පත් නිවාස වෙනුවෙන් ගෙවූ උපරිම සහ අවම වන්දි මුදල;

      කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) අවතැන් වූ සියලු දෙනාට ස්ථිර නිවාස ලබා දී  තිබේද;

      (ii) අවතැන් වූ පවුලකට ස්ථිර නිවාසයක් ලබා දුන් ආසන්නතම දිනය කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-04-03

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks