E   |     |  

 දිනය: 2018-04-06   පිළිතුර ලබා දී ඇත 

2205/ 2018 - ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2205/’17

      ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       මුලතිව් දිස්ත්‍රික්කයේ තුන්දහස් හාරසීයකට අධික පවුල් සංඛ්‍යාවක් ධීවර කර්මාන්තයේ යෙදී සිටින බවත්;

                  (ii)       මෙම ධීවරයන් කිලෝමීටර් 73ක් පමණ දිග වෙරළ තීරය සහ ගැඹුරු මුහුද භාවිතා කරමින් මෙම කර්මාන්තයේ යෙදී සිටින බවත්;

      (iii) මෙම ප්‍රදේශයේ ප්‍රදීපාගාරයක් නොමැතිවීම හේතුවෙන්, ධීවර යාත්‍රා වැරදි දිශාවලට ‍ගමන් කිරීම ඇතුළුව නොයෙකුත් ගැටලුවලට ධීවර ජනතාවට මුහුණ දීමට සිදුවී ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) මෙම ප්‍රදේශයේ ප්‍රදීපාගාරයක් ඉදිකිරීමට පියවර ගන්නේද;

      (ii) එසේ නම්, එම දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-04-06

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks