E   |     |  

 දිනය: 2018-04-03   පිළිතුර ලබා දී ඇත 

2294/ 2018 - ගරු හේෂා විතානගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2294/’17

      ගරු හේෂාන් විතානගේ මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ලංගම ඩිපෝ අතරින් දැනට ලාභ හෝ පාඩු ලබන ඩිපෝ වෙන් වෙන් වශයෙන් කවරේද;

                  (ii)      2010 වර්ෂයේ සිට මේ දක්වා රත්නපුර දිස්ත්‍රික්කයේ එක් එක් ඩිපෝවට අලුතින් ලබා දුන් බස්රථ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) එම එක් එක් ඩිපෝවේ පවතින සේවක පුරප්පාඩු සංඛ්‍යාව හා එම පුරප්පාඩු පිරවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-04-03

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks