E   |     |  

 දිනය: 2018-04-03   පිළිතුර ලබා දී ඇත 

2464/ 2018 - ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2464/’17

      ගරු ඉෂාක් රහුමාන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් අංක 309, ගම්බිරිස්වැව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ, අ/මනාරුල් උලුම් මහා විද්‍යාලය “පාසල් 1000 ව්‍යාපෘතිය” යටතේ ඇතුළත් කර ඇති බවත්;

      (ii) මෙම විදුහලේ ළමුන් 700 ක් පමණ ඉගෙනුම ලබන බවත්;

      (iii) මෙම ව්‍යාපෘතිය යටතේ මෙම විද්‍යාලයට එක් ගොඩනැගිල්ලක් පමණක් ලබා දී ඇති අතර මේ වනතෙක් වෙනත් කිසිදු පහසුකමක් ලබා දී නොමැති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) ‍(i) “ළඟම පාසල හොඳම පාසල” යන ව්‍යාපෘතිය යටතේ හෝ මෙම පාසලට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේද;

      (ii) එසේ නම්, එම දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-04-03

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks