බලන්න

E   |     |  

 දිනය: 2018-06-05   පිළිතුර ලබා දී ඇත 

0001/ 2018 - ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)          (i)      නෝබල් රිසෝසස් ලිමිටඩ් නමැති සමාගම විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත වරින් වර සපයා ඇති මුළු ගල් අඟුරු ප්‍රමාණය කොපමණද;

                   (ii)      එම ගල් අඟුරු වෙනුවෙන් ඉහත සමාගමට ගෙවා ඇති සම්පූර්ණ මුදල කොපමණද;

      (iii) එම සමාගම විසින් නිසි වෙලාවට ගල් අඟුරු සැපයීමට අසමත් වීම හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ක්‍රියාකාරිත්වය අත්හිටුවීමට සිදු වූ කාලය කොපමණද;

      (iv) එසේ විදුලි ජනක යන්ත්‍ර අත්හිටුවීම නිසා ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවී ඇති පාඩුව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) නෝබල් රිසෝසස් ලිමිටඩ් ආයතනය විසින් ලබාගෙන ඇති                        අංක LCC/09/T/02, LCC/01 සහ LCC/13/T/01 දරන ටෙන්ඩරවලට අදාළව ශ්‍රී ලංකාවේ දේශීය නියෝජිතයන් වෙන් වෙන් වශයෙන්  කවුරුන්ද;

      (ii) ප්‍රසම්පාදන කාර්යය පටිපාටිය නොතකා ඉහත කී ගල් අඟුරු සැපයීම් එකී සමාගමට ලබාදීමට හේතුව කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-06-05

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks