පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
7/’18
ගරු කනක හේරත් මහතා,— රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාව තුළ මේ වනවිට උපාධිධාරීන් විශාල සංඛ්‍යාවක් රැකියා අපේක්ෂාවෙන් සිටින බව දන්නේද;
(ii) ශ්‍රී ලංකාවේ මේ වනවිට රැකියා අපේක්ෂාවෙන් සිටින උපාධිධාරින් සංඛ්‍යාව කොපමණද;
(iii) එසේ නම්, ඔවුන්ට රැකියා ලබා දීම සඳහා යම් වැඩපිළිවෙළක් රජය විසින් සකස් කර තිබේද;
(iv) රැකියා වියුක්ත සියලු උපාධිධාරීන්ට රජය විසින් රැකියා ලබා දීමට කටයුතු කරන්නේද;
(v) නොඑසේ නම්, රජය විසින් රැකියා ලබා දීමට අපේක්ෂිත උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද;
(vi) මෙම තෝරාගැනීම් කවර නිර්ණායක යටතේ සිදුකරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) රටේ දැවෙන ප්‍රශ්නයක් වන මේ සඳහා රජය විසින් කඩිනම් පියවර ගැනීම සඳහා ගතවන කාලය කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම් ඒ මන්ද?
අසන ලද දිනය
2018-08-07
අසන ලද්දේ
ගරු කනක හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks