පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
9/’18
ගරු කනක හේරත් මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගලිගමුව මැතිවරණ කොට්ඨාසයේ, හොලොම්බුව ප්‍රදේශයේ ජලාශයක් ඉදි කරන්නේද;
(ii) එම ජලාශයට යටවන පුරාවිද්‍යා වටිනාකමින් යුත් දැදිගම කොටවෙහෙර, ස්ත්‍රී පුර ගල්ලෙන් විහාරය ඇතුළු පෞරාණික වෙහෙර විහාර හා ආගමික ස්ථාන සංඛ්‍යාව කොපමණද;
(iii) එම ජලාශයට යටවන ගලිගමුව හා දැදිගම මැතිවරණ කොට්ඨාසවල ගම්මාන සංඛ්‍යාව සහ ඒවායේ නම් කවරේද;
(iv) එකී ගම්වල ඉඩකඩම් අහිමිවන පවුල් සංඛ්‍යාව කොපමණද;
(v) හොලොම්බුව සිට උමං මාර්ගයක් මඟින් මා ඔයට ජලය ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;
(vi) කිසිදු ස්වභාවික ව්‍යසනයකට ගොදුරු නොවන සෑම අංශයකින්ම වටිනාකමක් ඇති එවැනි ප්‍රදේශයක ජලාශයක් ඉදිකිරීමෙන් එම ප්‍රදේශයේ ජනතාවට විශාල හානියක් සිදුවන බව පිළිගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-05
අසන ලද්දේ
ගරු කනක හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks