E   |     |  

 දිනය: 2018-10-25   පිළිතුර ලබා දී ඇත 

0147/ 2018 - ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 147/’18

      ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය එන්ජින් හා දුම්රිය මැදිරි පෞද්ගලික ආයතන වෙත ලබා දී තිබේද;

      (ii)    එසේ නම්, එසේ ලබා දී ඇති ආයතනවල නම් කවරේද;

      (iii)   දුම්රිය එන්ජින් හා මැදිරි ලබා දී‍මේදී අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;

      (iv) දුම්රිය එන්ජින් හා මැදිරි පෞද්ගලික ආයතන වෙත ලබා දුන් දින සිට අද දක්වා    එමඟින් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබුණු වාර්ෂික ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (v) මෙම ගිවිසුම්වලින් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල මුල්‍යමය හානියක් සිදුවන බවට විවිධ පාර්ශ්වවලින් නැ‍‍ඟෙන චෝදනා නිවැරදි කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?   

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-10-25

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks