E   |     |  

 දිනය: 2018-09-07   පිළිතුර ලබා දී ඇත 

0175/ 2018 - ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 175/’18

      ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ දිග කොපමණද;

                   (ii)       එහි ඉදිකිරීම් ආරම්භ කළ දිනය කවරේද;

                  (iii)       එහි ඉදිකිරීම් වියදම කොපමණද;

                  (iv)       මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකරනු ලබන දුම්රිය ස්ථාන සංඛ්‍යාව, උමං මාර්ග සංඛ්‍යාව, පාලම් සංඛ්‍යාව හා ඒවාට යන වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (v) ඒ අනුව, එම දුම්රිය මාර්ගයේ කිලෝමීටරයක් ඉදිකිරීමට වැය වන වියදම කොපමණද;

      (vi) ඉදිකිරීම අවසන් කිරීමට නියමිත දිනය කවරේද;

      (vii) එම ඉදිකිරීම් සිදුකරන කොන්ත්‍රාත් සමාගම කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-09-07

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks