පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
192/’18
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2014 වර්ෂයේ දෙසැම්බර් මාසයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇති වූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් කින්නියා ප්‍රදේශයේ කුරින්ජක්කේනි පාලම විනාශ වූ බවත්;
(ii) මේ දක්වා එම පාලම සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය නොකර තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) දෛනිකව විශාල ජනතාවක් විසින් භාවිතා කරනු ලබන මෙම පාලම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් ගනු ලැබූ පියවර කවරේද;
(ii) මේ දක්වා මෙම පාලම ප්‍රතිසංස්කරණය නොකිරීමට හේතු කවරේද;
(iii) මෙම පාලම හැකි ඉක්මනින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-07
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks