පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
225/’18
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යාපනය, කෝපායි ගුරු පුහුණු විද්‍යාලයේ 600ක පමණ ශිෂ්‍යයන් පිරිසකට නේවාසිකව තම අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමට පහසුකම් තිබෙන බවත්;
(ii) නමුත්, ශිෂ්‍ය නිවාසය වසර 25කින් පමණ ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් අබලන් තත්ත්වයේ පවතින බවත්;
(iii) ඒ හේතුවෙන් ගුරු සහායක පත්වීම් ලබා රුපියල් දස දහසක දිරි දීමනාවක් සහිතව පුහුණුව ලබන ශිෂ්‍යයන් හට, බාහිර නවාතැන් සඳහා විශාල මුදලක් දැරීමට සිදුවීමෙන් දුෂ්කරතාවන්ට මුහුණපා ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත ශිෂ්‍යයන්ගේ පහසුව සඳහා කෝපායි ගුරු පුහුණු විද්‍යාලයේ නේවාසිකාගාරය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-08-10
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks