බලන්න

E   |     |  

 දිනය: 2018-06-08   පිළිතුර ලබා දී ඇත 

0310/ 2018 - ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 310/’18

      ගරු බුද්ධික පතිරණ මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)         (i)      වර්ග නොකළ කසළ එකතු නොකිරීමට පළාත් පාලන ආයතන ගත් තීරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර තිබේද;

                   (ii)      එසේ නම්, ඒ කවර ආකාරයෙන්ද;

      (iii) කසළ වර්ගීකරණය කර එකතු කිරීමට අවශ්‍ය පහසුකම් ජනතාවට ලබාදී තිබේද;

      (iv) එසේ නම්, ඒ කවර ආකාරයෙන්ද;

      (v) වර්ගීකරණය කරන ලද කසළ එකතු කිරීමට පළාත් පාලන ආයතන සඳහා පහසුකම් සලසා දී තිබේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) කසළ වර්ගීකරණය කර නොදෙන පුද්ගලයන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      (ii) වර්ගීකරණය කරන ලද කසළ ප්‍රතිචක්‍රීකරණය කරන්නේද;

      (iii) එසේ නම්, ඒ කවර ස්ථානයකදීද;

      (iv) ඒ සඳහා ආයෝජනය කරන ලද මුදල කොපමණද;

      (v) ප්‍රතිචක්‍රීකරණය කරන ලද කසළ කවර කටයුතු සඳහා භාවිත කළ හැකිද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-06-08

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks