E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0394/ 2018 - ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 394/’18

      ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු මගී ප්‍රවාහන බස් රථ අතරින් අධිවේගී මාර්ගවල ධාවනයේ යොදවා ඇති බස්රථ සංඛ්‍යාව කොපමණද;

                  (ii)       2015, 2016 සහ 2017 වර්ෂවලදී රජය මඟින් ශ්‍රී ලංගම වෙත ලබාදුන් බස් රථ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) 2014 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙතින් ර‍ජය ලැබූ ආදායම සහ ඒ වෙනුවෙන් සිදු කර ඇති වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) 2014 වර්ෂයේ සිට මේ දක්වා අධිවේගී මාර්ගවල ධාවනයේ යොදවා ඇති බස්රථ මඟින් රජය ලැබූ ආදායම සහ ඒ වෙනුවෙන් සිදු කර ඇති වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයේ යෙදී සිටින මුළු සේවක සංඛ්‍යාව කොපමණද;

      (ii) එම සංඛ්‍යාව එක් එක් ශ්‍රේණිය අනුව වෙන් වෙන් වශයෙන් ‍කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-07-03

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks