පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
395/’18
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයට අනුමත කර ඇති සම්බන්ධීකරණ ලේකම්වරුන් සංඛ්‍යාව කොපමණද;
(ii) 2016.01.02 දින සිට වත්මන් ජනාධිපතිවරයා යටතේ පත් කර ඇති සම්බන්ධීකරණ ලේකම්වරුන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම සම්බන්ධීකරණ ලේකම්වරුන් පත් කර ඇති ක්ෂේත්‍ර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම එක් එක් සම්බන්ධීකරණ ලේකම්වරයාගේ නම, අධ්‍යාපන සුදුසුකම් හා වෙනත් සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) එක් සම්බන්ධීකරණ ලේකම්වරයෙක් සඳහා ගෙවන වැටුප කොපමණද;
(iii) ඒ අනුව පසුගිය වර්ෂ දෙක තුළ එම සම්බන්ධීකරණ ලේකම්වරුන් සඳහා දරා ඇති සමස්ත පිරිවැය කොපමණද;
(iv) අදාළ සම්බන්ධීකරණ ලේකම්වරුන් විසින් එම පිරිවැයට සාපේක්ෂව ප්‍රමාණවත් කාර්යභාරයක් ඉටුකර තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-05
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks