පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
406/’18
ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, තිරියාය ප්‍රදේශයේ පිහිටි ගිරිහඬු සෑය පූජා භූමියට අයත් ඉඩම් මැන අවසන් කර තිබේද;
(ii) එසේ නම්, මැන හඳුනාගත් භූමිය මත සලකුණු යෙදීම සිදුකර තිබේද;
(iii) මැනීම් මඟින් හඳුනාගෙන ඇති පූජා භූමියට අයත්වන ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iv) අදාළ පිඹුරුපත් බුද්ධශාසන අමාත්‍යාංශයට ලබා දීම ප්‍රමාද වීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-07
අසන ලද්දේ
ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks