E   |     |  

 දිනය: 2018-06-08   පිළිතුර ලබා දී ඇත 

0439/ 2018 - ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 439/’18

      ගරු ජයන්ත සමරවීර මහතා,— ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

      (අ)         (i)      ඩීසල් ආනයනය කිරීමේදී ඩීසල් ලීටරයක් වෙනුවෙන් රජය විසින් අයකරනු ලබන ආනයන බද්ද කොපමණද;

                   (ii)      ඩීසල් ලීටරයක් සඳහා රජය විසින් ආනයන බද්ද හැර වෙනත් බදු අයකරන්නේද;

        (iii) එසේ නම්, එම බදු කවරේද;

      (iv) එක් ලීටරයක් සඳහා අයකරනු ලබන බදු ප්‍රමාණය, එක් එක් බදු වර්ගය අනුව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ඩීසල් ලීටරයක් සඳහා රජය විසින් අයකරනු ලබන මුළු බදු ප්‍රමාණය, ඩීසල් ලීටරයක සිල්ලර මි‍ලෙහි කවර ප්‍රතිශතයක්ද;

      (ii) ඩීසල් සඳහා රජය අය කරනු ලබන සියලු බදු ඉවත් කළහොත්, පාරි‍භෝගිකයාට ඩීසල් ලීටරයක් ලබා දිය හැකි සිල්ලර මිල කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) ඩීසල් සඳහා රජය විසින් විවිධ වර්ගයේ බදු අය කිරීම භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් වැඩිවීමට බලපා ඇති බවත්;

      (ii) ඩීසල් සඳහා රජය අයකරනු ලබන සියලු බදු ඉවත් කළහොත්, භාණ්ඩ හා සේවාවල මිල අඩුකිරීමට හැකි බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-06-08

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks