පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
440/’18
ගරු ජයන්ත සමරවීර මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) වාද්දුව හන්දියේ සිට, මොරොන්තුඩුව හන්දිය දක්වා දිවෙන වාද්දුව - මොරොන්තුඩුව මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සහ අවසන් කිරීමට යෝජිත දින කවරේද;
(ii) එම මාර්ගයේ දිග, දැනට තාර යොදා ඇති ප්‍රමාණයේ පළල හා මුළු පළල කොපමණද;
(iii) කාපට් ඇතිරීමට බලාපොරොත්තු වන පළල සහ සංවර්ධනයෙන් අනතුරුව, පාරේ මුළු පළල කොපමණද;
(iv) සංවර්ධනය කරනු ලබන පාලම් සංඛ්‍යාව සහ බෝක්කු සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම මාර්ග ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු මුදල කොපමණද;
(ii) එම මුදලින් ඉඩම් හා දේපළ වන්දි ලෙස වෙන්කර ඇති මුදල කොපමණද;
(iii) ඉදිකිරීම් කාර්යය සඳහා වෙන්කර ඇති මුදල කොපමණද;
(iv) ඉදිකිරීම් කාර්යය සිදුකරන්නේ කවුරුන් විසින්ද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ, නම් ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-20
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks