පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2120/’17
ගරු ජයන්ත සමරවීර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2015.01.09 දිනට සහ 2017.06.30 දිනට,
(i) යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර තිබූ ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරු සංඛ්‍යාව;
(ii) එම කඳවුරුවලට අනුයුක්තව සේවය කළ මුළු නිලධාරින් සංඛ්‍යාව හා සෙබළුන් සංඛ්‍යාව;
(iii) එක් එක් කඳවුරෙහි නම, පිහිටා තිබූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ අනුයුක්තව සිටි නිලධාරින් සහ සෙබළුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන්;
කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) 2015.01.09 දින සිට 2017.06.30 දක්වා යාපනය දිස්ත්‍රික්කයෙන්,
(i) ඉවත් කර ඇති නාවික හමුදා කඳවුරු සංඛ්‍යාව;
(ii) නාවික හමුදා කඳවුරුවලින් ඉවත් කර ඇති නිලධාරින් හා සෙබළුන් සංඛ්‍යාව;
කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) යාපනය දිස්ත්‍රික්කයෙන් නාවික හමුදා කඳවුරු හා ඒවායේ සේවයේ නියුතු නිලධාරින් හා සෙබළුන් ඉවත් කර හමුදාව දුර්වල කිරීම ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව පිළිගන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-20
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks