පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
480/’18
ගරු ඩී. වී. චානක මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හම්බන්තොට වරාය පෞද්ගලීකරණය සඳහා සමාගම් දෙකකින් යෝජනා ඉදිරිපත් කර තිබුනේද;
(ii) එසේ නම්, එම සමාගම්වලින් එක් සමාගමක් තෝරාගන්නා ලද පදනම කවරේද;
(iii) එම සමාගම තෝරා ගැනීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුව මඟින් ලබාදුන් නිර්දේශ කවරේද;
(iv) තෝරාගත් සමාගම සමඟ අත්සන් කරන ගිවිසුම් දෙක කවරේද;
(v) එම ගිවිසුම් මඟින් ස්ථාපනය කරන සමාගම් දෙකෙහි කොටස් බෙදීයන ආකාරය කවරේද;
(vi) එම සමාගම් දෙකට පැවරෙන කාර්යයන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(vii) එම සමාගම්වලට ලැබෙන ආදායම් මාර්ග කවරේද;
(viii) දැනට සේවය කරන සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;
(ix) වරායේ නඩත්තු කටයුතු පැවරෙන සමාගම කවරේද;
(x) මෙම පෞද්ගලීකරණය හරහා රජයට හා ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙන ආදායම් ප්‍රභවයන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-20
අසන ලද්දේ
ගරු ඩී. වී. චානක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා නාවික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks