E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0481/ 2018 - ගරු ඩී. වී. චානක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 481/’18

      ගරු ඩී. වී. චානක මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       හම්බන්තොට වරාය පෞද්ගලිකරණය කිරීමේ ගිවිසුම මඟින් ලබාදෙන ඉඩම් ප්‍රමාණය සහ ඒවා ලබාදෙන පදනම කවරේද;

                   (ii)       මෙම ගිවිසුම මඟින් මෙහෙයුම් පර්යන්ත සඳහා ලබාදෙන ඉඩම් සඳහා බදු කුලියක් අය කරන්නේද;

      (iii) මෙම වරායේ තෙවැනි සහ සිව්වැනි අදියර ඉදිකිරීමේ අයිතිය ගිවිසුම්ගත සමාගම් දෙකෙන් එකකට ලබා දෙන්නේද;

      (iv) එසේ නම්, ඒවා ලබාදෙන පදනම කවරේද;

      (v) හම්බන්තොට වරායේ දෙවැනි අදියරේදී, ඉදිකරන ලද අක්කර 110ක විශාල දූපත මෙම සමාගම් දෙකෙන් එකකට ලබා දෙන්නේද;

      (vi) එසේ නම්, එය ලබාදෙන පදනම කවරේද;

      (vii) මේ සඳහා දේශීය හෝ ජාත්‍යන්තර සමාගමක් මඟින් තක්සේරුවක් ලබාගෙන තිබේද;

      (viii) නොඑසේ නම්, එම වටිනාකම නිර්ණය කරන ලද පදනම කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-06-21

අසන ලද්දේ

ගරු ඩී. වී. චානක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා නාවික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks