පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1749/’17
ගරු ලකී ජයවර්ධන මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන ගුවන් විදුලි නාලිකා සංඛ්‍යාව කොපමණද;
(ii) එම ගුවන් විදුලි නාලිකා පවත්වාගෙන යනු ලබන ආයතන කවරේද;
(iii) එම ගුවන් විදුලි නාලිකාවල හිමිකරුවන් සහ එම නාලිකා ආරම්භ කර ඇති දිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ආරම්භකර විකාශනය පවත්වාගෙන නොයන ගුවන් විදුලි නාලිකා තිබේද,
(v) එසේ නම්, එම නාලිකා කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ගුවන් විදුලි නාලිකා නියාමනය කරනු ලබන ආයතනය කවරේද;
(ii) දැනට එම ගුවන් විදුලි නාලිකා නියාමනය විධිමත්ව සිදු නොවන බව පිළිගන්නේද;
(iii) සමාජ හානියන් සිදුවන අයුරින් යම් යම් ගුවන් විදුලි නාලිකා මඟින් සිදු කරනු ලබන ප්‍රචාරයන් විකාශනය කිරීම වැළැක්වීම සඳහා ගුවන් විදුලි නාලිකා නියාමනය කිරීමට විධිමත් ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන්නේද;
(iv) එසේ නම්, ඒ කවර ආකාරයෙන්ද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-21
අසන ලද්දේ
ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks