E   |     |  

 දිනය: 2018-06-20   පිළිතුර ලබා දී ඇත 

0488/ 2018 - ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 488/’18

      ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      නොරච්චෝ‍ලේ, ලක්විජය ගල් අඟුරු බලාගාරය මඟින් සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා යෝජිත සුළං ආවරණය ඉදිකිරීමට ගෙන ඇති පියවර කවරේද;

      (ii) සුළං ආවරණය නොමැති වීමෙන් බලාගාරය අවට ‍ජීවත්වන ගොවීන් බලවත් දුෂ්කරතාවයකට පත්වී ඇති බව දන්නේද;

      (iii) සුළං ආවරණය ඉදිකිරීම ආරම්භ කරනු ලබන දිනය කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) මෙම බලාගාර භූමිය තුළ අළු ගොඩ ගැසීම වැළැක්වීම සඳහා ගන්නා පියවර කවරේද;

      (ii) බලාගාරයෙන් පිට වන අළු ‍හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට ගෙවා ඇති වන්දි මුදල කොපමණද;

      යන්නත්  එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) (i) මෙම බලාගාරය සඳහා වලංගු පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් තිබේද;

      (ii) එම බලපත්‍රය නිකුත් කළ දිනය කවරේද;

      (iii) එකී බලපත්‍රයේ කාලය අවසන් වන දිනය කවරේද;

      (iv) එකී බලපත්‍රයේ සඳහන් කොන්දේසි ඉටු කිරීමට අසමත් වීමේ වගකීම ලංකා විදුලිබල මණ්ඩලය භාර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-06-20

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks