E   |     |  

 දිනය: 2018-08-08   පිළිතුර ලබා දී ඇත 

0499/ 2018 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 499/’18

      ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      මේ වනවිට ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන විසුරුවා හැර ඇති බැවින් ඒවායේ පාලන කටයුතු කරන පුද්ගලයන් කවුරුන්ද;

                   (ii)      ඔවුන්ගේ නම් හා තනතුරු කවරේද;

      (iii) පළාත් පාලන ආයතන සතු වාහන සංචිත ප්‍රමාණය කවරේද;

      (iv) අද වනවිට පළාත් පාලන ආයතන නියෝජිතයන් නොමැතිව ක්‍රියාත්මක වන බැවින්, මෙම පළාත් පාලන ආයතන සතු වාහන වෙනත් ආයතන සඳහා ලබා දී තිබේද;

      (v) එසේ නම්, වාහන ලබා දී ඇති ආයතන සහ පුද්ගලයන් කවුරුන්ද;

      (vi) නීති විරෝධී ලෙස වාහන ලබා දී ඇත්නම්, ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2018-08-08

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks