07

E   |     |  

2024 අගෝස්තු මස 08 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “පළාත් සභා මැතිවරණ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
B : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2022 වර්ෂය සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii)    2022/2023 වර්ෂය සඳහා ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි වාර්ෂික වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා දෙකක්, එම කාරක සභාවේ සභාපතිවරයා වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු නීතීඥ මධුර විතානගේ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන් සාමාජික මන්ත්‍රී ගරු (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද මහතා විසින් පිළිගන්වන ලදී.
(iii)    නවවැනි පාර්ලිමේන්තුවේ යෝජිත ව්‍යාපාර සූදානම් (B-READY) දර්ශකය සඳහා ශ්‍රී ලංකාව සූදානම් වීමේ දී මතු වන ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නීතීඥ මධුර විතානගේ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු විජිත බේරුගොඩ මහතා                    
(ii)    ගරු (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද මහතා    
              
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
පාරම්පරික වෛද්‍යවරුන්ගේ ගැටලු

ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා වූ

“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පිළිගන්වන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 3 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii)    වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(iii)    අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1256 ට 2024 අගෝස්තු මස 9 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks