පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
1 : ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය
2 : 2025 පෙබරවාරි 17 සඳුදා ආරක්ෂක වැඩ පිළිවෙළ සම්බන්ධයෙන්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව සහ ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව, නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(ii) 2022 වර්ෂය සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ වාර්ෂික වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු චමින්ද විජේසිරි මහතා
(ii) ගරු නීතිඥ යූ.පී. අබේවික්‍රම මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු ඊ.එම්. බස්නායක මහතා - පෙත්සම් දෙකයි
(iv) ගරු සංජීව රණසිංහ මහතා
(v) ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය - පෙත්සම් පහයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
(i) ශ්‍රී ලංකාවේ තරුණයින් රුසියානු හමුදාවට බඳවා ගැනීම සම්බන්ධයෙන් 2025.01.22 දින ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය, ගරු විජිත හේරත් මහතා පිළිතුරු ලබා දුන්නේ ය.
(ii) ජල පවිත්‍රාගාර සඳහා සජලන ලුණු (හයිඩ්‍රේටඩ් ලයිම්) ආනයනය කිරීම පිළිබඳ නොමඟ යවන සුළු ප්‍රවෘත්ති වාර්තාවක් සම්බන්ධයෙන් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය, ගරු අනුර කරුණාතිලක මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 6 දක්වා සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:-
• වතු ආශ්‍රිතව පවතින මාර්ග රජයට පවරා ගැනීම
ශ්‍රී ලංකාව තුළ වැවිලි ක්ෂේත්‍රයට සුවිශේෂ ස්ථානයක් හිමි වී තිබෙන අතර වතුවල අයිතිය, කළමනාකරණය සහ පරිපාලනය විවිධ කාලයන්හිදී වෙනස්වීම්වලට ලක්වන හෙයින් ද, වතු කම්කරුවන්ගේ වාසස්ථාන ප්‍රධාන මාර්ගයේ සිට බොහෝ දුරස්ව වතු මධ්‍යයේ පිහිටා ඇති හෙයින් ද, මෙම ජනතාව භාවිත කරන වතු මාර්ග සංවර්ධනය නොකර ඉතා අබලන් තත්ත්වයක පවතින හෙයින් ද, මෙකී මාර්ග පළාත් පාලන හා පළාත් සභා මාර්ග යටතට පැවරීමට රජය විසින් අවශ්‍ය පියවර ගනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• සමුපකාර සඳහා භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාවලියට නිසි ප්‍රසම්පාදන වැඩසටහනක් සකස් කිරීම
ග්‍රාමීය ජනතාවට ඉතාම සමීප ව්‍යාපාරයක් වූ සමුපකාර ව්‍යාපාරය මේ වනවිට විවිධ ගැටලුවලට මුහුණ දී තිබෙන හෙයින් සමුපකාර සමිති සඳහා භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාවලියට රජය විසින් නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයක් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• රජය සතුව සහල් සංචිතයක් පවත්වාගෙන යාම සඳහා වැඩ පිළිවෙළක් සකස් කිරීම
වර්තමානයේ ශ්‍රී ලංකාවේ සහල් වෙළඳපොළ පෞද්ගලික ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ ග්‍රහණයට නතුව තිබෙන හෙයින් වෙළඳපොළ තුළ සහල් මිල පාලනය කිරීම සඳහා රජය සතුව සහල් සංචිතයක් පවත්වාගෙන යාමට රජය විසින් සුදුසු වැඩ පිළිවෙළක් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• කම්කරු සුබසාධන නිලධාරින් පත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබා දෙන විදේශගත ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු සම්බන්ධව වගකීම් දරන කම්කරු සුබසාධන නිලධාරින් පත් කිරීමේ දී මෙතෙක් නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් ගැටලු රාශියක් මතු වී තිබෙන හෙයින් එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා රජය විසින් නිසි ක්‍රමවේදයක් සකස් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම නිල කාලය අවසන් වූ පසුව විශ්‍රාම වැටුප් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින් විරුද්ධත්වයක් දක්වන බව ඉතා පැහැදිලිව පෙනෙන හෙයින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළ යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
• කොවිඩ්-19 වසංගතයෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු මිහිදන් කිරීමෙන් වැළකී ආදාහනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කොට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීමේ හැකියාව පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදෙස් නිකුත් කරනු ලැබ තිබියදී එම මළ සිරුරු භූමදානය කිරීමෙන් භූගත ජලයට වෛරසය මුසු වීමේ අවදානමක් පවතින බවට 2020 දී ආණ්ඩුව විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණය මත පදනම්ව එම මළ සිරුරු ඥාතීන්ගේ එකඟතාවයකින් තොරව ආදාහනය කළ හෙයින් ද, පසුව, එසේ ගනු ලැබූ තීරණය මත ක්‍රියාත්මකවීම නිවැරදි නොවූ බව සඳහන් කරමින් රජය විසින් නිල වශයෙන් සමාව අයැදීම සිදු කළ හෙයින් ද, මෙම වසංගතයෙන් මිය ගිය තැනැත්තන්ගේ ඥාතීන්ට සිය ආගමානුකූලව අවසන් කටයුතු සිදු කිරීමට හෝ එම සිරුරු දැක බලා ගැනීමට හෝ අවස්ථාව අහිමි වූ හෙයින් ද, මේ සම්බන්ධයෙන් දේශීය හා අන්තර්ජාතික මට්ටමින් ගොඩනැගුණු විරෝධතා සහ බලපෑම් හේතුවෙන් ආදාහනය කිරීම වෙනුවට මඩකලපුවේ ඔඩ්ඩමාවඩි, මජ්මා නගර් නම් හුදෙකලා ප්‍රදේශයේ එම සිරුරු භූමදානය කළ හෙයින් මිය ගිය තැනැත්තන් වෙනුවෙන් ඉටු කළ යුතුව තිබූ ආගමානුකූල චාරිත්‍ර සහ අවසන් ගෞරව දැක්වීමේ අයිතිය ඥාතීන්ට අහිමි වූ හෙයින් ද, මිය ගිය තැනැත්තන්ගේ පවුලේ සාමාජිකයන් හා සමීපතම ඥාතීන්ට සාධාරණය ඉෂ්ට කිරීමේ අවශ්‍යතාවය සහ මහජන ඉල්ලීම් සැලකිල්ලට ගෙන රජයේ පාර්ශ්වයෙන් සිදු වූ ඉහත සඳහන් බරපතල වැරදි විමර්ශනය කොට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරනු ලැබිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හා වංචාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1832 ට 2025 පෙබරවාරි මස 17 වැනි සඳුදා පැය 1030 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks