E   |     |  

2025 මාර්තු මස 08 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු (වෛද්‍ය) රිස්වි සාලි මහතා මූලසනාරූඪ විය.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා                    
(ii)    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී (ආචාර්ය) කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය  - පෙත්සම් තුනයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


අමාත්‍යාංශ නිවේදන

ජාත්‍යන්තර කාන්තා දිනය සහ රටේ කාන්තාවන් සම්බන්ධ අනෙකුත් ගැටළු පිළිබඳව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය අමාත්‍යාංශ නිවේදනයක් කළාය.

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු රවී කරුණානායක මහතා
‘වැට්’ බදු සම්බන්ධ ගැටළු

ගරු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.


වරප්‍රසාද

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2025 පෙබරවාරි 05 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    විසර්ජන පනත් කෙටුම්පත (2025) - කාරක සභාව  

(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සහ 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(ii)    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තාව (2020)
(iii)    ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තාව (2021)


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය තුරන් කිරීමේ සම්මුතිය අනුමත කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් යෝජනා කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2025 මාර්තු මස 10 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks